Gossips

නව අගමැතිට සන්ධානයේ සියලු මන්ත්‍රීවරුන්ගේ සහය – ජනපති හෙට ජාතිය අමතයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්තී්‍රවරුන්ගේ කණ්ඩායම් රැස්වීමක් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුනා.
රජයේ ඉදිරි වැඩ කටයුතු කි්‍රයාත්මක කිරීම පිළිබද මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
මේ අතර ඉදිරි කටයුතු සදහා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු මන්ත්‍රීවරුන්ගේ සහය ලබාදෙන බවට යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් එය ස්ථීර කිරීමෙන් අනතුරුව සියලු මන්ත්‍රීවරුන් ඒ සඳහා ඒකමතිකව සහයෝගය පළ කර තිබෙනවා.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා , ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන්, ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන් ඇතුථ පක්ෂ නායකයන් රැසක් එක්ව සිටි අතර ඔවුන්ගේ සහයෝගය ද රජයේ ඉදිරි වැඩ කටයුතු සඳහා ලබාදීමට එකඟ වූ බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.