Gossips

හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සම්මාන උළෙලේ රන් පලස මතින් සුපිරි තරු සම්ප්‍රාප්තිය පස්වරු 5 සිට හිරු TV ඔස්සේ සජීවීව

ශ්‍රී ලාංකේය සිනමා සම්මාන ඉතිහාසය නැවත ලියූ, ප්‍රමිතිගත අන්තර්ජාතික සිනමා සම්මාන රාත්‍රියක උත්කර්ශය රැගත්, හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් 2018 අද පස්වරුවේ සුගතදාස ගෘහස්ථ පරිශ්‍රයේදී පැවැත්වෙනවා.
මේ හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් තුන්වන සම්ප්‍රාප්තියයි.
බොලිවුඞ් තරු පිරිවරා මෙරට පැවැත්වෙන එකම සම්මාන රාත්‍රිය වන හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සඳහා සහභාගි වන එම සුපිරි තරු, සිනමා උළෙලට සම්ප්‍රාප්ත වන්නේ මෙරට ජනප්‍රිය මෙන්ම ප්‍රවීන සිනමා ශිල්පීන්ගේ සම්ප්‍රාප්තිය ද සිදුවන අතරතුරයි.
රන් පලස මතින් සිදුවන එම සම්ප්‍රාප්තියේ සොඳුරු මොහොත අද පස්වරු 5 සිට හිරු ටී.වී.ඔස්සේ සජීවීකරණය කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.