Gossips

තමන් තවමත් අගමැති බව රනිල් කියයි – මහින්දගේ පත්වීම නිත්‍යානුකූල බව මන්ත්‍රී සුසිල් ප්‍රතිචාර දක්වයි

ව්‍යවස්ථාවට අනුකූලව තවමත් මෙරට අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කිරීම සම්බන්ධයෙන් තමන්ට බලතල ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඔහු මේ බව ජනාධිපතිවරයාට ද ලිඛිතව දැනුම් දී ඇති බව සඳහන්.
කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීම සම්බන්ධයෙන් ඇති නීතිමය තත්වය පිළිබදව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුසිල් ප්‍රේම්ජයන්ත මෙලෙස පැහැදිලිකර සිටියා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පත්වීම ව්‍යවස්ථානුකූල බවයි එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.



මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රය ද මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම අති විශේෂ ගැසට් පත්‍රය මගින් ද සඳහන් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42, 4 ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඊයේ (26) දිනයේ සිට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් කළ බවයි.
එමෙන්ම රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට අදාළ ගැසට් පත්‍රය ද එලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එහි සඳහන් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42, 4 ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමේ පත්වීම් බලධාරියා වශයෙන් ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ අතර, ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඔහු ඉවත් කරන ලද බවයි.