Gossips

එක්කෝටි 53 ලක්ෂයක මුදල් නීතිවිරෝධීව රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට (ඡායාරූ)

විදේශ මුදල් තොගයක් නීතිවිරෝධීව ඩුබායි වෙත රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුපියල් එක්කෝටි 53 ලක්ෂයකට අධික වටිනාකමින් යුතු මෙම මුදල් තොගය අතර බ්‍රිතාන්‍ය පවුම්, යුරෝ, කැනඩා ඩොලර් ඇතුළු මුදල් ඒකක ගණනාවක් පැවති බවයි රේගු නිලධාරීන් සඳහන් කළේ.
ඊයේ (26) අත්අඩංගුවට ගත් 29 හැවිරිදි මෙම පුද්ගලයා ඉන්දියාවේ චෙන්නායි හි පදිංචිකරුවෙක්.

ඡායාරූප – කටුනායක, ටී.කේ.ජී.කපිල