Gossips

තරුණියක් යොදාගෙන කළ ජාවාරම

තරුණියක් යොදාගෙන දීර්ඝ කාලයක්‌ තිස්‌සේ මත් ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයෙකු අදාල තරුණිය සමඟ පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගලේවෙල පොලිසිය විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගැනුණු තරුණිය 20 හැවිරිදි වියේ පසුවන අතර අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා 30 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් තැනැත්තා විවාහක එක දරු පියෙක් බවයි වාර්තා වන්නේ.
අදාල පුද්ගලයා අත්අඩංගුවට ගත් මිහින්තලේ ප්‍රදේශයේ පදිංචි අදාල තරුණිය සමඟ අනියම් ඇසුරක් පවත්වා ගෙන ගොස් ඇති අතර සැකකරු විසින් ඇයව ගණිකා සේවයේද යොදවා ඇති බවට පොලිසියට අනාවරණය වී තිබෙනවා.
සැකකරු සතුව තිබී ගංජා මිලිග්‍රෑම් 3,480 ක්‌ සොයාගෙන ඇති අතර සැකකාර තරුණිය සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 240 ක්‌ සොයා ගැනුණු බවයි පොලිසිය සඳහන් කළේ.
මොවුන් දෙදෙනාම අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවූ අය බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු සහ සැකකාරිය දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.