Gossips

විස්සයි විස්ස අද තරඟයට වෙනස්කම් කිහිපයක්

සංචාරක එංගලන්ත පිළ සහ ශ්‍රී ලංකාව අතර අද පැවැත්වෙන විස්සයි විස්ස තරඟය සඳහා ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් කිහිපයක් සිදුකර තිබෙනවා.
මෙම තරඟය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.
එක්දින තරගාවලිය අතරතුර තුවාල ලැබූ කුසල් ජනිත් පෙරේරා තවමත් ප්‍රකෘතිමත් වී නොමැති අතර, දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය ද 5 වන එක්දින තරඟයේදී කායික ආබාධයකට ලක්වුණා.
මේ නිසා ඔවුන් දෙදෙනා වෙනුවට විස්සයි විස්ස සංචිතයට සධීර සමරවික්‍රම සහ අමිල අපොන්සු එක් කෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහන් කළා.
තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට මෙම තරඟයේදී ලසිත් මාලිංග එක්වන්නේ වසරකට පසුව ඔහු සහභාගි වන පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය ලෙසින්.
එමෙන්ම වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා පිළේ හිටපු නායක කමිදු මෙන්ඩිස් ද අද තරඟයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රථම වරට ජාත්‍යන්තර තරඟයකට සහභාගි වනවා.
ගාල්ල – රිච්මන්ඩ් විද්‍යාලයෙන් බිහි වූ කමිදු වමතින් සහ දකුණතින් පන්දු යැවීමට සමත් වීම නිසා ලොව පුරා ක්‍රීඩා මාධ්‍යවල අවධානයට යොමු වූ ක්‍රීඩකයෙක්.