Gossips

අන්තර් ජාලය භාවිත කර මුදල් වංචා කළ විදේශිකයන් 3 දෙනෙකු අත්අඩංගුවට

අන්තර්ජාලය භාවිත කර මුදල් වංචා කළ විදේශිකයන් 3 දෙනෙකු වලාන දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
ඊයේ (26) පස්වරුවේ ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ කුලී පදනම මත ලබා ගත් නිවසක රැදී සිටියදියි.
ඔවුන් වයස අවුරුදු 32ක්, 39ක් සහ 48ක් වන නයිජීරියානු සහ උගන්ඩා ජාතිකයන් බව සඳහන්.
සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (27) ඉදිරිපත් කිරීමට නියමිතයි.