කොට්ටාව – මත්තේගොඩ පිහිටි රාජ්‍ය බැංකුවකට පැමිණි තුන්දෙනෙකු ගිනි අවි පෙන්වා එහි තිබූ රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකා පලාගොස් තිබෙනවා. 
පොලීසිය සදහන් කළේ අද (26) පස්වරු 3 යි 30 ට පමණ මෙම කොල්ලය සිදුව ඇති බවයි. 
කොල්ලකරුවන් කුලී පදනම මත ලබා ගත් මෝටර් රථයකින් පැමිණ ඇති අතර, ඔවුන් බැංකුවේ සවි කර තිබූ සී.සී.ටී.වී කැමරාවල කොටස් කිහිපයක් ද  රැගෙන ගොස් තිබෙනවා. 
කොල්ලකරුවන් රැගෙන ගිය මුදල් සහ රන් භාණ්ඩවල වටිනාකම මෙතෙක් තක්සේරු කර නැහැ.



