Gossips

පාරමීට කෙන්යාවේ මාස 3 ක පුහුණුවක්

ආර්ජන්ටිනාවේ පැවති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් හිමිකර ගත් කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ, පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට කෙන්යාවේ මාස 03 ක පුහුණුවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වනවා.
මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වෙන් ඇය මෙම පදක්කම හිමි කර ගත් අතර, අද (26) අධ්‍යාපන අමාත්‍යාංශයේදී අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඇයට තිළිණ ප්‍රදානය කළා.
සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුවයි ඇය කෙන්යාවේ පුහුණුව සදහා යොමු කෙරෙන්නේ.