Gossips

චන්ද්‍රිකාට හිතෛශීන් පිරිසක් ආර්ථිකය හසුරු වන බව හිටපු මුදල් අමාත්‍ය රවී කියයි

මෙරට ආර්ථිකය දුර්වල කළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ හිතෛශීන් පිරිසක් වර්තමානයේ ද ආර්ථිකය හසුරු වන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ සක්‍රිය වගකීම් කළමනාකරණ පනතේ යෝජනාවක් විවාදයට ගත් අවස්ථාවේදීයි.
විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද අදහස් දක්වා සිටියා.
මේ අතර, මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් විසින් මාර්ග සංවර්ධනයට අදාළ ප්‍රාග්ධන වියදම් පියවීමට සහ සංවර්ධන කටයුතුවලට අදාළව ඉතිරි වී ඇති ගෙවීම් සිදුකිරීම සඳහා රුපියල් මිලියන 30,000ක පරිපූරක ඇස්තමේන්තුවක් අද (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
එමෙන්ම, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධුරයට අයදුම් කළ එහි නිලධාරිනියන් කිහිපදෙනෙකුට ද ඊට ඉදිරිපත් වූ තවත් කොමසාරිස්වරයෙකු ඇසිඩ් ගසන බවට තර්ජනය කර ඇතැයි පාර්ලිමේන්තුවේදී අද (26) අනාවරණ වුණා.
ඒ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ධුරයට පත්වූ මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති සී.ජේ.පී.සිරිවර්ධනට එරෙහිව එහි සේවකයින් පිරිසක් දියත් කර ඇති ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සිදුකළ ප්‍රශ්න කිරීමකදීයි.