Gossips

වෙනස්කම් කිහිපයක් සමඟින් සිම්බාබ්වේ ගැටුමට බංගලාදේශ ටෙස්ට් සංචිතය නම් කරයි

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ආරම්භ වීමට නියමිත තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය සඳහා බංගලාදේශ සංචිතය නම්කර තිබෙනවා.
ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට නවක ක්‍රීඩකයින් සිව්දෙනෙකු කැඳවා තිබීම විශේෂත්වයක්.
මෙම සංචිතයේ නායකත්වය මහමුදුල්ලා හට හිමිව ඇති අතර කලීඩ් අහමඩ්, අරිෆුල් හක්, මොහොමඩ් මිතුන් සහ නම්සුල් ඉස්ලාම් මෙලෙස සංවිත්යට අලුතින් කැඳවා ඇති ක්‍රීඩකයින්.
මේ අතර නිමවූ බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලියේදී අබාධයකට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක මුස්ටෆිසු රහමාන් මෙම සංචිතයට ඇතුළත් කර තිබෙනවා.
බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩකයින් දෙදෙනෙක් වන ආරම්භක පිතිකරු තමිම් ඉක්බාල් සහ තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන් අබාධවලට ලක්ව සිටීම හේතුවෙන් මෙම තරඟාවලිය අහිමිවී යන බවයි එරට ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.
මෙම ටෙස්ට් තරඟාවලියෙන් කම්රුල් ස්මයිල්, රූබල් හසන් සහ නුරුල් හසන් ද ඉවත් කර තිබෙනවා.
දෙරට අතර ටෙස්ට් තරඟාවලිය ලබන මස තුන්වනදා අරම්භ වීමට නියමිතයි.
බංග්ලාදේශ සංචිතය පහතින්.
Mahmudullah Riyad (Capt)
Imrul Kayes
Liton Das
Mominul Haque
Nazmul Hossain
Mushfiqur Rahim
Ariful Haque
Mehidy Hasan
Taijul Islam
Abu Jayed
Shafiul Islam
Mustafizur Rahman
Mohammad Mithun
Khaled Ahmed
Nazmul Islam