Gossips

අපයෝජන සිද්ධියකට උපකාරක පන්ති ගුරුවරයෙකු රිමාන්ඩ්

බලංගොඩ ප්‍රදේශයේදී 14 හැවිරිදි පිරිමි ළමයෙක් අපයෝජනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඊයේ (25) පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකරු ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන ග්‍රාම නිලධාරිවරයෙකු ද වන බවයි පොලීසිය සදහන් කළේ.
බලංගොඩ ප්‍රදේශයේ දේවාලයක පැවැත්වෙන පෙරහරක් නැරඹීමට පැමිණි අවස්ථාවේ සැකකරු මෙම අපයෝජනය සිදුකිරීමට උත්සාහ දරා තිබෙනවා.
මීට අනුබල ලබාදුන් ත්‍රිරෝද රථ රියදුරෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ.