Gossips

ලාහෝර් නුවර වෙඩි හුවමාරුවකින් නීතිඥවරුන් දෙදෙනෙකු මරුට

පකිස්ථානයේ ලාහෝර් නුවර අධිකරණ සංකීර්ණයක් අසල සිදුවු වෙඩි හුවමාරුවකින් නීතිඥවරුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
නීතිඥවරුන් කණ්ඩායමක් අතර වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි සඳහන්.
නීතිඥවරුන් කණ්ඩායම් දෙකක් අතර සිදුවු උණුසුම් වචන හුවමාරුවකින් පසු මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.
සිද්ධියට අදාළව එක් නීතිඥයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් පුවත් සේවා සඳහන් කලේ ගතවූ කාලසීමාව තුල පකිස්ථානයේ අධිකරණයක් අසල සිදුවු දෙවන වෙඩි තැබීම මෙය බවයි.