Gossips

ළදරු පාසලකට කඩා වැදුණු කාන්තාවක් ළමුන් 14 දෙනෙකුට කළ අපරාධය

නිරිතදිග චීනයේ චොන්කින් නගරයේ ළදරු පාසලකට තියුණු ආයුධයක් අමෝරාගෙන කඩා වැදුණු කාන්තාවක විසින් එහි ළමයින් 14 දෙනෙකුට තුවාල සිදුකර තිබෙනවා.
අද උදෑසන වාර්තා වූ මෙම සිද්ධියේදී 39 හැවිරිදි අදාළ කාන්තාව අත්අඩංගුවට ගනු ලැබූ බවයි චීන බලධාරීන් ප්‍රකාශ කළේ.
ඇය ළමයින්ට තුවාල සිදුකර ඇත්තේ ඔවුන් ක්‍රීඩාංගණයේ රැදී සිටින විටයි.
ඇය මෙම ප්‍රහාරය සිදුකිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
ප්‍රචණ්ඩ අපරාධ චීනයේ විරල නමුත්, මෑතකදී මේ ආකාරයෙන් පාසල්වලට සහ ළදරු පාසල්වලට කඩා වැදුණු පුද්ගලයන් තියුණු ආයුධ ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වුණා.