Gossips

20-20 පිටියේ සුපිරි වැඩකරුට හෙට තරඟය අහිමි වෙයි

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන විස්සයි විස්ස තරඟය හෙට (27) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතයි.
මේ තරඟය ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට අහිමි වන බවයි වාර්තා වන්නේ.
ඒ ඔහුගේ අබාධය තවමත් සුව නොවීම හේතුවෙන්.
මේ අනුව අවසන් එක්දින තරඟයේදී ඉහල දක්ෂතා පෙන්වූ සදීර සමරවික්‍රම ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.
ශ්‍රී ලංකා සහ එංගලන්ත අතර පන්දුවාර 20 තරඟ 08ක් පවත්වා ඇති අතර කණ්ඩායම් දෙකම ජයග්‍රහණයන් 04 බැගින් ලබාගෙන සම තත්වයේ පසුවනවා.