Gossips

යතුරු පැදි අනතුරකින් පුද්ගලයෙකු මරුට

කහතුඩුව- දියගම ප්‍රදේශයේදී අද (26) උදෑසන සිදුවූ යතුරු පැදි අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ යතුරු පැදියේ පිටුපසු ගමන් කළ පුද්ගලයෙක්.
අනතුරින් යතුරු පැදිය ධාවනය කළ පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
හොරණ බලා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයක් ඉස්සර කිරිමට යාමේදී මේ අනතුර සිදුව ඇති බවයි පොලිසිය කියා සිටියේ.
අනතුරින් මියගොස් ඇත්තේ දියගම ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදී පුද්ගලයෙක්.
කහතුඩුව පොලිසිය අනතුර පිලිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.