ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී රාහුල් ජෝරිට එරෙහිව එල්ල වී ඇති ලිංගික අපචාර චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ත්‍රිපුද්ගල ස්වාධීන කමිටුවක් පත් කර තිබෙනවා.
අල්ලාබාද් මහාධිකරණයේ හිටපු විනිසුරු රකේෂ් ශර්මා, ඉන්දීය මධ්‍යම ඔත්තු සේවාවේ හිටපු අධ්යක්ෂ පී.සී. ශර්මා සහ දිල්ලි කාන්තා කොමිසමේ හිටපු සභාපතිනිය වූ බර්කා සිං, එම කමිටුවේ සාමාජිකයන්.
ඉන්දියාවට ද දැන් පැතිර ඇති මී – ටු හෙවත් අතීතයේ සිදුවූ හිරිහැර කාන්තාවන් විසින් ප්‍රසිද්ධියට පත් කිරීමේ පියවර අනුවයි රාහුල් ජෝරිට ද චෝදනා එල්ල වූයේ.
ඔහුට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස තමිල්නාඩු, කර්ණාටක, ගුජරාට් ඇතුළු ඉන්දියාවේ ප්‍රාන්ත 7ක ක්‍රිකට් පාලක මණ්ඩල, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලා තිබෙනවා.