Gossips

කම්කරු වැටුප 1000ක් නොකළොත් ඉල්ලා අස්වනවා – තොන්ඩමන්

වතුකරයේ කම්කරුවන්ගේ වැටුප රුපියල් 1000ක් දක්වා වැඩිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොන්ඩමන් ප්‍රකාශ කර තිබෙනවා.
අද බත්තරමුල්ලේදී පැවති මාධ්‍ය හමුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ එළඹෙන 30 වනදාට ප්‍රථමයෙන් මේ පිළිබඳව තීන්දුවක් ලබා නොදුනහොත් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බවයි.
කම්කරු වැටුප වැඩි නොවුනහොත් එළඹෙන යහපාලන අයවැයට ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගයක් නොලැඹෙන බවයි එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොන්ඩමන් වැඩිදුරටත් සඳහන් කළේ.