මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 9ක කාලය තුළ මෙරට තේ අපනයන ආදායම රුපියල් මිලියන 800කින් පමණ පහත වැටී තිබෙනවා.
එමෙන්ම තේ නිෂ්පාදනය ද කිලෝග්රෑම් මිලියන 3.5කින් පහත වැටී ඇති බවයි තැරැව්කාර සමාගම් ප්රකාශ කළේ.
වසරේ මුල් මාස 9 තුළ ශ්රී ලංකාව තේ කිලෝග්රෑම් මිලියන 212.3ක් අපනයනය කළ අතර, එමගින් ලද ආදායම රුපියල් බිලියන 172.6ක්.
මෙරට තේ මිලදී ගත් රටවල් අතරින් ඉරාකය පෙරමුණේ සිටින අතර, තුර්කිය, රුසියාව සහ ඉරානය එලෙස වැඩිම තේ ප්රමාණයක් මිලදී ගත් සෙසු රටවල් වනවා.