Gossips

දේශීය ආදායම් සේවකයින් ලෙඩ නිවාඩු දමයි

සේවා ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු වන සී.ජේ.පී. සිරිවර්ධන, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධුරයට පත් කිරීමට විරෝධය පළ කරමින් එහි සේවකයින් ලෙඩ නිවාඩු දමා අද (26) වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දේශීය ආදායම් පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් පුෂ්පකුමාර කියා සිටියේ සුදුසු නිලධාරියෙකු ඊට පත් කිරීමට පියවර ගත යුතු බවයි.