Gossips

ඝාතන කුමන්ත්‍රණය ගැන සිදුකෙරෙන පරීක්ෂණ ගැන ඒකාබද්ධයට සැකයක්

ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පියවර ගත යුතු අංශ ක්‍රියාත්මක වන ආකාරය පිළිබදව සැකයක් පවතින බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
කොළඹ අද (26) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර කියා සිටියේ පොලීසිය සහ රජය ඝාතනය කුමන්ත්‍රණය පිළිබදව උදාසීන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බවයි.