Gossips

දුම්වැටි මිලදී ගැනීමේ හැකියාව ඉහළ යයි

රටේ මිලදී ගැනීමේ හැකියාවට සහ උද්ධමනය ඉහළ යාමට සාපේක්ෂව දුම්වැටියක් මිලදී ගැනීමේ හැකියාව ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය සඳහන් කළේ 2000 වර්ෂයේදී ඒක පුද්ගල ආදායමට සාපේක්ෂව මිලදී ගත හැකි දුම්වැටි ප්‍රමාණය 9542 ක් වූ අතර, එය 2016 වනවිට 15,090 දක්වා වර්ධනය වී ඇති බවයි.
එමෙන්ම, නිවැරදි බදු ගණනය කිරීමට අපොහොසත්වීම හේතුවෙන් හෝ වෙනත් බලපෑම් හේතුවෙන් පසුගිය වසර එකහමාරක කාල සීමාව තුළ දුම්වැටි සඳහා බදු වැඩි කිරීමක් සිදු නොකර ඇති බවද මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පෙන්වා දෙනවා.
පසුගිය දශකය තුළ රජය විසින් දුම්වැටියක් සඳහා අය කරන බදු ප්‍රමාණය 5.3 ගුණයකින් වැඩි කරන විට දුම්කොළ සමාගම විසින් 8.7 ක ගුණයකින් ශුද්ධ මිල වැඩි කර දුම්වැටියක් වෙළඳපොලට නිකුත් කර ඇති බවට පර්යේෂණවලින් අනාවරණය වී තිබෙනවා.