Gossips

අමුතු වැඩවලින් රටේම ජනප්‍රිය වූ ගායකයා රූගත කිරීමක් අතරතුර හදිසි අනතුරකින් මරුට

ගීතයක රූප රචනාවක් පටිගත කිරීමේ යෙදී සිටියදී සිදුවූ හදිසි අනතුරකින් ජනප්‍රිය ගායකයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ British Columbia හිදීයි.
මෙලෙස මියගොස් ඇත්තේ Jon James McMurray නමැති 35 හැවිරිදි කැනේඩියානු රැප් ගායකයෙක්.
රූගත කිරීම් අතරතුර එහිදී සැහැල්ලු ගුවන්යානයක් මත ඇවිද යාමට උත්සහ කළ ඔහු ඉන් අදවැටී මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
එම ගුවන් යානය පියාසර කරමින් තිබී ඇති අතර ගුවන් යානයේ තටුවක් මත ඇවිද යාමට උත්සහ කළ අවස්ථාවේදීයි ඔහු ඉන් ඇදවැටී ඇත්තේ.
අනතුර සිදුවන අවස්ථාවේ තම පැරෂුටය විවෘත කර ගැනීමට මැක්මරේ අපොහොසත් වී ඇති බව පරීක්ෂණ වලදී අනාවරණ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අතර ඔහු දීර්ඝ වේලාවක් යානයේ එල්ලී සිටි බව ඔහුගේ කළමනාකරු පවසන්නේ.
කෙසේ වෙතත් අදාළ රූගත කිරීම සඳහා මැක්මරේ මනා පුහුණුවක් ලබා තිබූ බවටද ඔහුගේ කළමනාකරු ප්‍රකාශ කර තිබෙනවා.
රැප් ගායකයෙකු වූ ජේම්ස් මැක්මරේ වඩාත් ජනප්‍රිය වූයේ අනතුරුදායක ක්‍රියාකාරකම්වල නිරතවීමෙන්.
මීට පෙර "The Man" නමැති ගීතය වෙනුවෙන් ඔහු වරක් පියාසර වෙමින් පැවති ගුවන් යානයකින් පිටතට පැන තිබීමද විශේෂත්වයක්.