Gossips

තායිවානය වෙන්වීමට දරණ උත්සාහය වළක්වන බව චීනය කියයි

තායිවානය මුළුමනින්ම වෙන්වීමට දරණ ප්‍රයත්නය වැළැක්වීම සඳහා ඕනෑම දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් බව චීනය පවසනවා.
එරට ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙන්ගේ මේ බව ප්‍රකාශ කළේ බීජිං නුවර පැවැත්වෙන ආරක්ෂක සමුළුවක් අමතමින්.
ෂියංෂාන් ලෙස නම් කර ඇති මෙම සමුළුව සංවිධාන කර ඇත්තේ සිංගප්පූරුවේ පැවැත්වෙන ෂැංග්‍රිලා වාර්ෂික ආරක්ෂක සමුළුවට ප්‍රතිචාරයක් වශයෙන්.
ට්‍රම්ප් පරිපාලනය යටතේ චීනයේ ආරක්ෂක අංශ වෙත සම්බාධක ක්‍රියාත්මක වන අතර, ඇමරිකාව, තායිවානය හා සමීප වෙමින් සිටිනවා.
ඇමරිකා එක්සත් ජනපදය ඊයේ තායිවාන සමුද්‍ර සන්ධි ප්‍රදේශය වෙත යුද නෞකා දෙකක් ද එවා ඇත්තේ තත්ත්වය තවදුරටත් උණුසුම් කරමින්.