Gossips

හෙළ සිනමා වංශකතාවේ මහා මංගල්‍යය Hiru Golden Film Awards 2018 වර්ණවත් කරන්නට සිද්ධාර්ථ මල්හෝත්‍රා සහ සරීන් ඛාන් දිවයිනට පැමිණෙයි (ඡායාරූප)

හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සිනමා සම්මාන රාත්‍රියට සහභාගි වීම සදහා බොලිවුඞ් සුපිරි තරු ශ්‍රී ලංකාවට පැමිණීම දැන් ආරම්භ වී තිබෙනවා.
බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු සිධාර්ත් මල්හෝත්‍රා ඊයේ රාත්‍රී 11ට පමණ දිවයිනට ළඟා වූ අතර, වත්මන් බොලිවුඩ් සිනමාවේ සුපිරි තාරකාවක් වන සරීන් ඛාන් ද අද අලුයම 4.35ට පමණ ශ්‍රී ලංකාවට ළඟා වූ බවයි හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.
ඔවුන් හෙට රාත්‍රියේ කොළඹ සුගතදාස ගෘහස්ථ පරිශ්‍රයේ පැවැත්වෙන හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සිනමා සම්මාන රාත්‍රියට සහභාගිවීමට නියමිතයි.
හෙළ සිනමා වංශකතාවේ මහා මංගල්‍යය Hiru Golden Film Awards 2018 වර්ණවත් කරන්නට සිද්ධාර්ථ මල්හෝත්‍රා පැමිණි අයුරු පහතින්.

හෙළ සිනමා වංශකතාවේ මහා මංගල්‍යය Hiru Golden Film Awards 2018 වර්ණවත් කරන්නට සරීන් ඛාන් පැමිණි අයුරු පහතින්.