Gossips

ලුතිනන් කර්නල් අමුණුපුර යළි කැඳවීම ස්ථිරයි

අප්‍රිකානු මාලි රාජ්‍යයේ සාම සාධක කටයුතුවල නිරත මෙරට භට කණ්ඩායමේ අණදෙන නිලධාරී ලූතිනන් කර්නල් කලණ අමුණුපුර යළි දිවයිනට ගෙන්වා ගැනීමට තීරණය කළ බව හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කළා.
ඔහු නැවත කැඳවන ලෙස ජගත් සංවිධානය ලක් රජයෙන් කළ ලිඛිත ඉල්ලීම ලැබීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව ඔහු ලබන මස 10 වැනිදා පමණ වනවිට මෙරටට පැමිණෙනු ඇති බවයි හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ.
මානව හිමිකම් පසුබිම ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව අණදෙන නිලධාරීයා යළි දිවයිනට ගෙන්වා ගන්නා ලෙස ලක් රජයෙන් ඉල්ලීමක් කළ බවයි ජගත් සංවිධාන මහලේකම්වරයාගේ ප්‍රකාශක, ස්ටීවන් ඩුජාරික් පසුගියදා ප්‍රකාශ කළේ.
ඊට ගරු කිරීමක් ලෙස මෙම තීරණය ගත් බවත්, ලූතිනන් කර්නල් කලණ අමුණුපුරගේ නිරවද්‍යතාවය තහවුරු කිරීම සඳහා යුද හමුදාව කටයුතු කරන බවයි හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු තවදුරටත් සඳහන් කළේ.