Gossips

නාලක ද සිල්වා අත්අඩංගුවට

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පස්වරුවේ අත්අඩංගුවට ගත්තා.
ඔහු කොටුව මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
ප්‍රකාශයක් ලබාදීම සදහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද පස්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියේ පරීක්ෂණවලට අදාළවයි මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කරනු ලබන්නේ.
ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.