Gossips

ඉන්දියාවෙන් වැඩම කරවන ලද සුදු බෝධීන් වහන්සේ ජනපති අතින් රෝපණය කෙරේ

ඉන්දියාවෙන් වැඩම කරවනු ලැබු සුදු බෝධීන් වහන්සේ රෝපණය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් අද සිදු කෙරුනා.
ඒ කටුපොත පොතු වැව ශෛලතලාම රජමහා විහාරස්ථානයේදීයි.
විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය විවෘත කිරීම ද අද සිදු කෙරුනේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.
ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියේ වසර කිහිපයක් පුරා පැවති නියං සහිත කාලගුණික තත්වය පහව ගොස් රටට වැසි ලැබෙමින් පවතින මෙම අවස්ථාව කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සඳහා සූදානම් වීමට උචිත අවස්ථාවක් බවයි.
මෙරට වගා කළ හැකි එහෙත් විදේශයෙන් ආනයනය කෙරෙන ආහාර සීමා කර ස්ව ශක්තියෙන් නැගී සිටීමේ කෘෂි ආර්ථික වැඩපිළිවෙලට කඩිනමින් අවතීර්ණ විය යුතුව ඇතැයි ද ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියා.
කාලගුණික සහ දේශගුණික විපර්යාස හමුවේ මුහුණදීමට සිදුව ඇති අභියෝග තේරුම් ගනිමින් ආර්ථික ගැටලු විසඳහා ගැනීමට සියලුදෙනා සාමූහික ප්‍රයත්නයකට එක්වීමේ වැදගත්කම ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී පෙන්වා දුන්නා.