Gossips

කුකුල් සොරකම CCTV කැමරාවේ සටහන් වෙයි

අක්මීමන වලහන්දූව ප්‍රදේශයේ කුකුළු ගොවිපළකින් කිකිළියන් සොරකම් කිරීමේ සිද්ධියක් පිිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මෙම ව්‍යාපාරය කරගෙන යන අතරවාරයේ අවස්ථා කිහිපයකදීම කිකිළියන් අතුරුදන් වුව ද ඒ පිළිබඳ හෝඩුවාවක් සොයා ගැනීමට හැකිවී නැහැ.
පසුව ගොවිපළ තුල කැමරා පද්ධතියක් සවිකර ඇති අතර ඊයේ (24) රාත්‍රී 10.30 ට පමණ තරුණයන් දෙදෙනෙකු පැමිණ කිකිළියන් සොරාගෙන යන ආකාරය එහි සටහන් වී තිබෙනවා.
රුපියල් හැට දහසකට අධික වටිනාකමකින් යුත් කිකිළියන් 150 ක් පමණ ගතවු කාලය තුල සොරකම් කර ඇති බවටයි ගොවිපළ හිමිකරුවන් ප්‍රකාශකර ඇත්තේ.
සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර අක්මීමන පොලිසිය විමර්ශන සිදු කරනවා.