Gossips

හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යළි රිමාන්ඩ්

2009 – 2010 වර්ෂවලදී කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ලබන මස 07 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, ඔහු කොළඹ – කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
අවස්ථා කිහිපයකදී අධිකරණය මඟ හැර සිටි සැකකරු අගෝස්තු මස 14 වැනිදා අත්අඩංගුවට ගැනුණා.