Gossips

නිධන් හෑරූ ව්‍යාපාරිකයෙක් ඇතුලු 5 ක් කොටුවෙයි

කටුගස්තොට ජම්බුකොටුව ප්‍රදේශයේ ගල් පර්වතයක නිධන් හාරමින් සිටි 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රී මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමකුයි වැටලීම සිදුකර තිබුනේ.
සැකකරුවන් කුලුගම්මන, දෙනියාය සහ මහරගම ප්‍රදේශවල පදිංචිකරුවන්.
ඔවුන් අතර ව්‍යාපාරිකයෙකු සහ කට්ටඩියෙකු ද වන බව සඳහන්.
මෙම පුද්ගලයන් සතුව තිබී හයිබ්‍රිඩ් මෝටර් රථයක්, ගල් විදින අධි පීඩන කොම්ප්‍රෙෂර් යන්ත්‍රයක්, වතුර මෝටරයක්, ගල් විදින උපකරණ, විදුලි රැහැන් ඇතුලු පුජා භාණ්ඩ ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.