Gossips

සුපිරි ක්‍රිකට් තරුව හදිසියේම සමුගැනීමට තීරණය කරයි

ලෝකයේම අවධානය යොමුවූ සුපිරි ක්‍රිකට් තරුවක් ක්‍රිකට් පිටියෙන් සිය සමුගැනීම නිවේදනය කර තිබෙනවා.
මෙලෙස තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බවට නිවේදනය කර ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක Dwayne Bravo.
2004 වසරේ සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ඇරඹු ඔහු මේ වනවිට ලොවපුරා ප්‍රේක්ෂකයන් අතර හදවතේ සටහන් වූ ක්‍රිකට් තරුවක්.
මේ අතර ඔහු ගායනා කළ චැම්පියන් ගීතය තුලින් ඔහු තවදුරටත් ක්‍රිකට් පිටිය තුළ මෙන්ම ජාත්‍යන්තරය තුළ වඩාත් ජනප්‍රිය වූවා.
ඔහුගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවියේ මේ වනවිට එක්දින තරඟ 164ක් විස්සයි විස්ස තරඟ 66 ක් සහ ටෙස්ට් තරඟ 40 ක් ක්‍රීඩා කර තිබෙනවා.
සුපිරි ක්‍රීඩක Dwayne Bravo මේ වනවිට 35 හැවිරිදි වියේ පසුවනවා.