Gossips

ඇමරිකානු නායකයින්ට පුපුරණ ද්‍රව්‍ය යැවීම ත්‍රස්ත ක්‍රියාවක් – නිව්යෝක් නගරාධිපති කියයි

ඇමරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබල නායකයින් කිහිපදෙනෙකුට සහ සී.එන්.එන් පුවත් සේවය වෙත පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් යැවීම ත්‍රස්ත ක්‍රියාවක් බව නිව්යෝක් නගරාධිපති බිල්.ඩී. බිලේසියෝ ප්‍රකාශ කළා.
මෙලෙස පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් යවා තිබුණේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා, හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, හිටපු සී.අයි.ඒ ප්‍රධානී ජෝන් බෙනන් සහ හිටපු නීතිපති එරික් හෝල්ඩර් ටයි.
මෙය ඇමරිකාවේ නායකයින් සහ මාධ්‍ය නිදහස ප්‍රචන්ඩ ක්‍රියා හරහා බිය ගැන්වීමේ අරමුණින් සිදුකර ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිව්යෝක් නගරාධිපතිවරයා ප්‍රකාශ කළා.
ලබන මස 6 වනදා ඇමරිකාවේ මධ්‍ය වාර මැතිවරණය ද ආරම්භ වන අතර, මැතිවරණය ආසන්න වීමත් සමඟ මෙලෙස පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් යැවීම විශේෂත්වයක්.