Gossips

තහනමින් පසු පැමිණි විමල්ට කතානායකගෙන් යළි අවවාද

රාජ්‍ය බැංකු දෙකක සිදුවී ඇති අකාර්යක්ෂමතා සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු කොමිසමක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා.
ඊට රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පිළිතුරු ලබාදීමේදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මෙන්ම, කතානායක කරූ ජයසූරිය ද මැදිහත් වුණා.
මේ අතර, සති දෙකක තහනමකින් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද පාර්ලිමේන්තුවට පැමිණ සිටි අතර, සංවාදයට බාධා සිදුකිරීම නිසා කතානායකවරයා ඔහුට යළි අවවාද කරනු ලැබුවා.
එමෙන්ම, වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක කියා සිටියේ අද පෙරවරුවේ සිය නිවසට ඉහළින් ඩ්‍රෝන කැමරාවක් ගමන් කර ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා.
පසුගියදා සම්මත වූ හානි පූර්ණය සඳහා වන කාර්යාලීය පනත් කෙටුම්පතට තමා අත්සන් තැබූ බව කතානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
එසේම, කතානායකවරයා කියා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම් අටේ පිටපත් ද පාර්ලිමේන්තුව වෙත මේ වනවිට ලැබී ඇති බවයි.