Gossips

අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් 15 ක් අත්අඩංගුවට (ඡායාරූප)

ඔලූවිල්හි පිහිටි අග්නිදිග විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල තුළ විරෝධතාවයේ නිරතව සිටින එහි තාක්ෂණ පීඨයේ සිසුන් 15 දෙනෙකු පොලීසිය අද අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ ඔවුන් අධිකරණ නියෝගය කඩ කරමින් පරිපාලන ගොඩනැගිල්ල තුළ රැදී සිටීම හේතුවෙන්. එම විශ්වවිද්‍යාල සිසුන් පිරිසකගේ පන්ති තහනම සහ තවත් සිසුන් පිරිසකගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට විරෝධය පළ කරමිනුයි ඔවුන් දින කිහිපයක සිට පරිපාලන ගොඩනැගිල්ල තුළ රැදී සිටින්නේ.
මෙලෙස සිසුන් රැදී සිටීම හේතුවෙන් විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමටයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පසුගියදා තීරණය කළේ.


(ඡායාරූප – වසන්ත චන්ද්‍රපාල )