Gossips

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද යළි රැස්වනවා. කථානායක කාර්යාලය කියා සිටියේ මධ්‍යහ්න 12ට කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම පැවැත්වෙන බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාව සඳහා නව සාමාජිකයින් පත් කිරීමෙන් අනතුරුව එම සභාව රැස්වන දෙවන අවස්ථාව මෙයයි.
මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් කිහිප දෙනෙකු පත් කිරීම සඳහා වන නිර්දේශ සලකා බැලීමට ද නියමිත බවයි කථානායක කාර්යාලය සඳහන් කළේ.
කෙසේ වෙතත් අද පැවැත්වෙන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභා රැස්වීමේදී පොලිස් කොමිසමට නව සාමාජිකයින් පත් කිරීම පිළිබද සලකා බැලීමක් සිදුනොකරන බව කථානායක කාර්යාලය ප්‍රකාශ කළා.
ජාතික පොලිස් කොමිසමේ නිල කාලය අවසන් වුණේ පසුගිය 14 වනදායි.
කොමිසමට නව සාමාජිකයන් පත් කරනතුරු එහි කටයුතු පවත්වාගෙන යාමට වත්මන් නිලධාරි මණ්ඩලය බලය පවතිනවා.