Gossips

හිටපු DIG නාලක පස්වන වරටත් අද CID යට

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද පස්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිතයි.
පෙරේදා 04 වන දිනටත් පැය 06 කට ආසන්න කාලයක් ඔහුගෙන් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශයක් ලබා ගත්තා.
මේ වන විට එම දෙපාර්තමේන්තුව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගෙන් පැය 34 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියේ පරීක්ෂණවලට අදාළවයි මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්ණ කරනු ලබන්නේ.
මේ අතර, අමාත්‍ය සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් රහස්‍ය ප්‍රකාශය සත්‍යයක් බවට ඊයේ ඔහු කළ ප්‍රකාශයෙන් තහවුරු වන බව දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අම්පාර ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.