Gossips

කෝලිගේ ජයග්‍රහණයේ බලාපොරොත්තුව Hope නිසා අහිමි වූ හැටි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දියාව අතර ඊයේ පැවති දෙවන එක්දින තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
ඒ කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා ගැනීම හේතුවෙන්.
පළමුව පන්දුවට පහරදුන් ඉන්දියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 321 ක් රැස් කළා.
එහිදී නායක විරාට් කෝලි ලකුණු 157 ක් රැස් කළේ පන්දු 129 ක් තුලදීයි.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් ක්‍රීඩකයන් ද නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 321 ක් රැස් කළා.
එහිදී සුවිශේෂ ඉනිමක් ක්‍රීඩා කරමින් Hope නොදැවී ලකුණු 123 ක් රැස්කළා.
මේ අතර තරඟයේ අවසන් පන්දුවට ජයග්‍රහණය සඳහා ලකුණු 5ක් අවශ්‍යව තිබූ අතර එයට නොදැවී සිටි Hope එල්ලකළ 4 පහර සමඟ තරඟයේ ලකුණු සම වූවා.
තරග 05කින් සමන්විත එක්දින තරගාවලිය එකට බින්දුවක් ලෙස ඉදිරියෙන් සිටින්නේ ඉන්දියාවයි.
මේ අතර එක්දින ක්‍රිකට් තරගවලදී වේගවත්ම ලකුණු දස දහස ලබා ගත් ක්‍රීඩකයා බවට පත් වීමට ඉන්දීය නායක විරාට් කෝලි ඊයේ (24) සමත් වුණා.
ඒ විශාකා පට්නම්හි කොදෙව් කණ්ඩායමට එරෙහිව මේ වනවිට පැවැත්වෙන දෙවන එක්දින තරගයේදීයි.
මීට පෙර එක්දින තරගවලදී වේගවත්ම එක්දින ලකුණු දස දහස ලබා ගැනීමේ වාර්තාව සචින් තෙන්ඩුල්කාර් පිහිටුවා තිබුණේ ඉනිම් 259 කට එක්වෙමින් වන අතර, විරාට් කෝලි එම වාර්තාවට හිමිකම් කීවේ ඉනිම් 205 කට පමණක් එක්වෙමින්.
එම තරඟයේ විශේෂ අවස්ථා පහතින්.
rn