Gossips

වෙල්ගමගෙන්, සේමසිංහට උත්තර

පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම අද ප්‍රතිචාර දැක්වුවා.
ඊයේ අනුරාධපුරයේ පැවති ජන හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාගේ වර්තමාන හැසිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ සිය ජ්‍යෙෂ්ඨත්වය පිළිබදව කතා කිරීමට ප්‍රථම ෂෙහාන් සේමසිංහගේ ප්‍රදේශයේ සිටින එස්.එම්. චන්ද්‍රසේනට ගරු කිරීමට කටයුතු කළ යුතු බවයි.
සේමසිංහ මන්ත්‍රීවරයා කොළඹ සිට කිසිවක් නොකරන බවත් ඔහු ලබාදෙන්නේ පොරොන්දු පමණක් බවත් එහිදී කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පසුගිය දින කිහිපයේදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, මහින්දානන්ද අලූත්ගමගේ, ලොහාන් රත්වත්තේ, කෙහෙලිය රඹුක්වැල්ල සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් පළ කර තිබුණා.
මේ අතර, නුවරඑළියේ අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක, කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පිළිබදව ප්‍රකාශයක් කරමින් කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා යටතේ ඇති ජනතා ප්‍රසාදය කුමාර වෙල්ගමට පවතින බවයි.