Gossips

පුත්තලමේ කලපුවක් රතු වේ

පුත්තලම කලපු තීරයට අයත් සේරක්කුලිය කලපුව අද අලූයම සිට රත්පැහැ ගැන්වීම හේතුවෙන් ධීවරයින් දැඩි අපහසුතාවකට පත්ව තිබෙනවා.
ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ ඉදිකෙරෙමින් පවතින අරුවක්කාලූ කසල අංගනයෙන් ගොඩබිමට මුදා හැරි ජලය කලපුවට ගලා ඒම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.
හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජයවිලාල් ප්‍රනාන්දු ගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු කියා සිටියේ කසල අංගනයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන සමාගම කලපුවට ජලය ගලා යාමට සලස්වා ඇති බවට වාර්තා වී ඇති බවයි.
කසල බැහැර කිරීම සදහා පුත්තලම – අරුවක්කාලූ ප්‍රදේශයේ ඉදිකරන කසල අංගනයට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් මීට පෙර අවස්ථා කිහිපයකදී විරෝධතා සහ සත්‍යග්‍රහ ව්‍යාපාරද පැවැත්වුණා.