Gossips

ජමාල් කශෝගි ඝාතනයට සම්බන්ධ වූවන්ට ඇමරිකාවෙන් වීසා අවලංගුයි

මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනයට සම්බන්ධ බවට හදුනාගත් සෞදි අරාබි ජාතිකයින්ගේ ඇමරිකානු වීසා බලපත්‍ර අවලංගු කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.
ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ ප්‍රකාශ කර ඇත්තේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හදුනාගත් පිරිස් අතර, සෞදි අරාබියානු බුද්ධි අංශ නිලධාරින්, එරට විදේශ අමාත්‍යවරයා සහ සෞදි අරාබියානු රජු මොහොමඞ් බින් සල්මාන්ගේ නිලධාරින්ද වන බවයි.
මේ අතර, සිද්ධියට එරෙහිව සෞදි අරාබියට සම්බාධක පැනවීමට ඕස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව එරටට අවි ආයුධ සැපයීම අත්හිටුවීමට තීරණය කර ඇති බවයි ඕස්ට්‍රේලියානු විදේශ ඇමතිනී මරීසා පේන් ප්‍රකාශ කළේ.