Gossips

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හේමසිරි ප්‍රනාන්දු, ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරයට

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හේමසිරි ප්‍රනාන්දු ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙනවා.
මීට අමතරව එහි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස ආචාර්ය නිහාල් සමරප්පුලි සහ ආචාර්ය හිරාන් සුබසිංහද පත්කර ඇති බවයි ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
පස් දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය පසුගියදා ඉල්ලා අස් වූ අතර, එහි අධ්‍යක්ෂ ජනරාල් ධුරය දැරූ දුමින්ද ආරියසිංහද පසුව ඉල්ලා අස්වුණා.
මේ අනුව පුරප්පාඩු වූ එම තනතුරට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ චම්පිකා මලල්ගොඩ ජනාධිපතිවරයා විසින් පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
මීට අමතරව පුරප්පාඩුව ඇති ඉතිරි අධ්‍යක්ෂ මණ්ඩල ධුර දෙක සඳහා ඉදිරියේදී සාමාජිකයින් නම් කරනු ඇති බවයි ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.