Gossips

කොළඹ රත්කරමින් කළු ඇඳගත් මහ සෙනගක් එක්වරම ගාලු මුවදොර පිටියට කඩා වදී

කොළඹ රත්කරමින් කළු ඇඳගත් මහ සෙනගක් එක්වරම ගාලු මුවදොර පිටියට කඩා වදී "
Update : ගාලුමුවදොරපිටිය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් (ඡායාරූප)
වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල දහස දක්වා ඉහළ දමන ලෙස ඉල්ලා තරුණයන් පිරිසක් ගාලුමුවදොරපිටියෙන් ආරම්භ කළ විරෝධතා පා ගමන මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය අසළට පැමිණ තිබෙනවා.
එහිදී විරෝධතාකරුවන් සහ පොලීසිය අතර, උණුසුම් තත්ත්වයක් හට ගත් බවයි එහි සිටින හිරු වාර්තාකරු කියා සිටියේ.
විරෝධතාව හේතුවෙන් ගාලුමුවදොර පිටිය ඉදිරිපිටින් දිවෙන මාර්ගය, මාර්ග බාධක යොදා පොලීසිය මේ වන විට වසා දමා තිබෙනවා.
එසේම ජල බවුසර් කිහිපයක් ද එම ස්ථානය අසළ රදවා ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

Update : Wednesday, October 24, 2018
විරෝධතාවක් හේතුවෙන් ගාලුමුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දමා තිබෙනවා.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුම රුපියල් දහස දක්වා ඉහළ දමන ලෙස ඉල්ලා තරුණයින් පිරිසක් මෙම විරෝධතාව පවත්වනු ලබන්නේ ගාලුමුවදොර පිටිය අසළදියි.