Gossips

නැගෙනහිර ජැටිය සහ මත්තල ගුවන් තොටුපළ ගැන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවක්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සහ මත්තල ගුවන් තොටුපළ සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ තවදුරටත් සාකච්ඡා කරන ලෙස ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේදී ප්‍රකාශ කර තිබෙනවා.
ඒ, මෙරට ක්‍රියාත්මක ඉන්දීය ව්‍යාපෘති සම්බන්ධයෙන් ඊයේ (23) රැස්වූ අමාත්‍ය මණ්ඩල හමුවේදී අදහස් හුවමාරු කරගත් අවස්ථාවේදියි.
මෙහිදී අග්‍රාමාත්‍යවරයා සිය ඉන්දීය සංචාරයේදී එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා කළ කරුණු පිළිබදව ද කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කළ බවයි රජයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මීට පෙර රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ද අවධානය යොමුව තිබුණා.
මේ අතර, මත්තල ගුවන් තොටුපළේ මගී පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ඉන්දියාවට පැවරීම සම්බන්ධයෙන් සලකා බැලීමේදී මෙහෙයුම්වලින් සිදුවිය හැකි අලාභය දරණු ලබන්නේ කුමන පාර්ශවයක් විසින් ද යන්න අපැහැදිලි බව අමාත්‍ය මණ්ඩලයේදී අදහස් හුවමාරු වී තිබෙනවා.
ඒ පිළිබදව ද ඉන්දීය මහකොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කිරීමටයි අමාත්‍ය මණ්ඩලය එකඟ වී ඇත්තේ.