Gossips

දින නියමයක් නොමැතිව අග්නිදිග සරසවිය වැසේ

අග්නිදිග විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා.
අධිකරණ නියෝග නොතකමින් තාක්ෂණික පීඨ සිසුන් පරිපාලන ගොඩනැගිල්ලේ රැදී සිටීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සදහන් කළේ.
ඒ අනුව, නේවාසිකාගාරවල රැදී සිටින සිසුන්ට අද පස්වරු 4 ට පෙර ඉන් ඉවත් වන ලෙස ද පාලනාධිකාරිය දැනුම්දී තිබෙනවා.