Gossips

Update – හිරු ධර්ම ප්‍රදීපය ඓතිහාසික කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේදි සාර්ථකව ක්‍රියාත්මකයි

"හිරු ධර්ම ප්‍රදීපය" වැඩසටහන යටතේ අද වප් පුර පසළොස්වක පොහෝ දිනය පුරා සුවිශේෂ ආගමික වැඩසටහන් රැසක් ඓතිහාසික කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මේ වනවිට ක්‍රියාත්මකයි.
අද අලුයම 5.30ට සැදැහැවතුන් අෂ්ට ශීලයේ පිහිටුවමින් මෙම පිං කටයුත්ත ආරම්භ වූ අතර, උදෑසන ධර්ම දේශනාව මෙහෙය වූයේ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ කර්මාචාර්ය ඇත්කඳ රජමහා විහාරාධිකාරී පූජ්‍ය වීරපොකුණේ සුමංගල හිමියන් විසින්.
ඉන් අනතුරුව කඨින චීවර පූජාවේ ආනිශංස පිළිබදව ඌව – වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍ය පොළොම්මාරුවේ වාචීස්සර හිමියන් ධර්ම දේශනාවක් පැවැත්වූ අතර, පළමු ධර්ම සාකච්ඡාව උදෑසන 8.30ට ආරම්භ වුණා.
ඉන් පසුව උදෑසන 9.30ට කාව්‍යමය ධර්ම දේශනය සිදුකරනු ලැබුවේ කාව්‍යශූරී පූජ්‍ය දීගල පියදස්සි හිමියන් විසින්.
පූජ්‍ය මැදිරිගිරියේ සිද්ධාර්ථ හිමියන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සේනාරත්න කාරියවසම් සහ ප්‍රවීන කලා ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මෙන්ම ජෝත්‍යර්වේදී නිශාන්ත පෙරේරාගේ සහභාගීත්වයෙන් තවත් ධර්ම සාකච්ඡාවක් පැවැත්වුණේ ඉන් අනතුරුවයි.
හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන යටතේ තවත් ආගමික වැඩසටහන් රැසක් අද දිනය පුරා ඓතිහාසික කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මකයි.
Update :- Wednesday, October 24, 2018, 1.04pm
——————————————————————————–
හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන යටතේ අදට යෙදෙන වප් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් සුවිශේෂී ආගමික වැඩසටහන් රැසක් ඔබ වෙත සමීප කිරීමට හිරු එෆ්.එම්. සූදානම්.
ඒ, සම්බුදු චරිතාපදානය මෙන්ම දහම් කරුණු රැසක් පිළිබදව ශ්‍රාවක ඔබ දැනුම්වත් කරමින්.
ඒ අනුව "හිරු ධර්ම ප්‍රදීපය" අද දිනය පුරා පැවැත්වෙන්නේ ඓතිහාසික කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කොටගෙනයි.
උදෑසන 05.30 ට අටසිල් සමාදන් කරමින් මේ පිං කටයුත්ත ආරම්භ වූ අතර, උදෑසන 07.30ට සජීවි විශේෂ ධර්ම දේශනයක් පැවැත්වුණා.
විශේෂ ධර්ම සාකචඡාවක් පැවැත්වෙන්නේ පෙරවරු 08.30 සිට 9.30 දක්වායි.
පෙරවරු 09.30 ට කාව්‍යමය ධර්ම දේශනයක් පැවැත්වෙන අතර, උදෑසන 10.30 ට යළිත් ධර්ම සාකච්ඡාවක් ඇත්කඳ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සිදුකිරීමට නියමිතයි.