Gossips

කොටුව, මරදාන දුම්රිය සංඥා අවුලක් – ධාවනයට බාධා

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව පාලක මැදිරිය පවසනවා.
ඊයේ (23) රාත්‍රී 8.45ට පමණ මෙම සංඥා දෝෂය හට ගත් බවයි පාලක මැදිරියේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.
ඒ අනුව ඊයේ (23) රාත්‍රියේ කොළඹ කොටුවෙන් ආරම්භවීමට නියමිතව තිබූ දුම්රිය 3ක් ධාවනය වී නොමැති බව ද වාර්තා වනවා.
කොටුව – වේයන්ගොඩ සහ කොටුව – පොල්ගහවෙල අතර ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය මෙලෙස ධාවනය වී නොමැති බවයි පාලක මැදිරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
ඔහු තවදුරටත් කියා සිටියේ දුම්රිය ප්‍රමාදයන් සහිතව ධාවනය වන බවයි.