Gossips

දැදුරුඔයේ වාන් දොරටු 4ක් විවෘත කරයි

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දැදුරුඔයේ වාන් දොරටු 04ක් විවෘත කර තිබනෙවා.
ඒ හේතුවෙන් දැදුරුඔය පහළ ප්‍රදේශවල ජීවත් වන ජනතාව විමසිල්ලෙන් පසුවන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම පවතින වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව – පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ එහි වාන් දොරටු 04ක් ද විවෘත කර තිබෙනවා.
මේ අතර, හේවාහැට – රිකිල්ලගස්කඩ ප්‍රධාන මාර්ගයේ පොරමඩුල්ල ප්‍රදේශයේදී ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අඩාල වී ඇති බව පොලීසිය සඳහන් කළා.