Gossips

පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ සිද්ධි කිහිපයක් ගැන විමර්ශනයක්

පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේදී පරස්පර ලකුණු ඉදිරිපත් කළ හා ප්‍රදර්ශනය කළ සිදුවීම් කිහිපයක් සම්බන්ධ කරුණු සොයා බලන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී ඇති පැමිණිලි කිහිපයක් සැලකිල්ලට ගනිමින් මෙම උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
රජය විසින් තොරතුරු දැන ගැනීමේ පනත පවා බලාත්මක කර ඇති අවස්ථාවක ඇතැම් පාසල්වල වගකිව යුතු නිලධාරීන් සිතා මතා හෝ වගකීම් විරහිත ලෙස මෙලෙස පරස්පර ලකුණු දෙමව්පියන් අතට පත්කිරීම කිසිවිටෙකත් අනුමත කළ නොහැකි බවයි අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත්තේ.
පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ විනිවිදභාවයෙන් සහ සාධාරණ ලෙස පවත්වන්නේද යන්න අවධානය යොමුකරන ලෙසට ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඍජුවම පාලනය වන ජාතික පාසල්වලට අදාළ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන ආකාරයේ විනිවිදභාවය පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමු කරන ලෙසටයි එහිදී අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.