Gossips

එංගලන්තයට නොසිතූ ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 05 වන මෙන්ම අවසන් එක්දින තරඟය මේ වනවිට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙනවා.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුළු 06 ක් දැවී ඔවුන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 366 ක්.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙවැනි ඉහළ ලකුණු සංඛ්‍යාවකට ගෙන යෑමට ආරම්භක පිතිකරුවන් දැක්වූයේ ප්‍රබල දායකත්වයක්. නිරෝෂන් දික්වැල්ල එහිදී ලකුණු 95 ක් රැස්කළ අතර, සදීර සමරවික්‍රම ලකුණු 54 ක් රැස් කළා.
ආරම්භක කඩුල්ල වෙනුුවෙන් ඔවුන් දෙදෙනාගේ සබඳතාව ලකුණු 137 ක්.
නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 80 ක් ලබාගත් අතර, තරඟ කිහිපයකදී අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් මෙම තරඟයේදී යළි ලකුණු අතරට පිවිස පන්දු 33 කදී හයේ පහර 06 ක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 56 ක් රැස්කළා.
මෙය ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී රැස්කළ ඉහලම ලකුණු සංඛ්‍යාව වන අතර, එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවද වනවා.